වර්ජනය තවදුරටත් ක්‍රියාත්මන කරනවද ? ගුරු විදුහල්පති වෘත්තිය සමිතිවල අවසන් තීරණය අද
වැටුප් විෂමතා ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමග පැවැති සාකච්ඡාවේ දී ඉදිරිපත් කළ විසඳුම් පිළිබඳ අවසන් තීරණයක් අද (13) ප්‍රකාශයට පත් කරන බව ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සඳහන් කර තිබේ.
ගුරු – විදුහල්පති ගැටළුවලට අදියර 2 ක් යටතේ විසදුම් ලබාදෙන බව ඊයේ දිනයේ සිදු වූ සාකච්ඡාවට එක්වූ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේය.
කෙසේවෙතත් ඒ පිළිබඳ ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින් එකඟතාව පළ කර නොතිබුණි.
මේ පිළිබඳ අදහස් දක්වමින් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහමහතා සඳහන් කළේ ගුරු – විදුහල්පති වෘත්තීය සමිතිවල සාමාජිකයින් අද දිනයේදී රැස් වීමට නියමිත බවත් හා එහිදී තීරණයකට එළඹෙන බවත් ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

