ක්‍රීඩා

LPL තරග සටහන නිකුත් කෙරේ

2021 ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය දෙසැම්බර් 05 වනදා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.

ඒ අනුව පළමු තරගය යාපනය සහ ගාල්ල යන කණ්ඩායම් අතර පැවැත් වීමට නියමිත වේ.

කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේදී මෙවර තරගාවලියේ මූලික වටයේ තරග පැවැත් වීමට කටයුතු සැලසුම් කර ඇති අතර අවසන් වටයේ තරග සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත වේ.

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසාන තරගය දෙසැම්බර් 23 වනදා පැවැත්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *