ගුරු විදුහල්පති වර්ජනය තවදුරටත්
ගුරු වැටුප් වැඩිවීම එකවර ලබාදෙන ලෙස ඉල්ලමින් වර්ජනය ඉදිරියට ගෙනයාමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද (13) තීරණය කර තිබේ.
ඔන්ලයින් වර්ජනයේ නිරත ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී ඊයේ (12) පැවැති අතර එම සාකච්ඡාවේ දී ඉදිරිපත් කළ විසඳුම් පිළිගන්නේ ද යන්න පිළිබඳව අද තීරණය කරන බව ගුරු විදුහල්පති සංගම් සඳහන් කළේය.
ඒ අනුව වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

