පාලන මිල ඉක්මවා සීනි මිල ඉහළට
පාලන මිල ඉක්මවායමින් ඇතැම් වෙළෙඳුන් විසින් සීනි අලෙවිකරන බවට පැමිණිලි ලැබී ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
ඒ අනුව පාලන මිල ඉක්මවායමින් සීනි අලෙවි කරන වෙළඳුන් සොයා පාරිභෝගික කටයුතු අධිකාරිය මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
සුදු සීනි කිලෝග්රෑමයක් රුපියල් 125කට සහ දුඹුරු සීනි කිලෝග්රෑමයක් රුපියල් 128ක් ලෙස සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

