තායිවානයේ නිවාස සංකීර්ණයක ගින්නක් – 46ක් මරුට
තායිවානයේ නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 46 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
දකුණු තායිවානයේ පිහිටි තට්ටු 13කින් සමන්විත එම ගොඩනැගිල්ල තුළ අද (14) උදෑසන ගින්න හටගෙන ඇති අතර ගින්න නිවීම සඳහා පැය 4කට අධික කාලයක් ගතවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මේ වනවිට 79 දෙනෙකු රෝහල්ගත කර ඇති අතර ඉන් 14 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.
ගින්නට ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

