නෝර්වේ දුනු ඊතල ප්‍රහාරයකින් 5ක් මරුට
නෝර්වේ ඔස්ලෝ අගනුවරට නිරිත දෙසින් පිහිටි කොන්ග්ස්බර්ග් නගරයේදී පුද්ගලයෙකු දුනු ඊතල යොදාගෙන එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ.
එසේම තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.
විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම සිද්ධිය ත්‍රස්ත ප්‍රහාරයක් ද යන්න සමබන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

