බිල් ක්ලින්ටන් රෝහල් ගත කෙරේ
ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක් වන බිල් ක්ලින්ටන් රුධිරගත රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර ඇත.
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙලෙස රෝහල් ගත කළ බව ට්විටර් පණිවිඩියක් නිකුත් කරමින් බිල් ක්ලින්ටන්ගේ මාධ්‍ය ප්‍රකාශක ඒන්ජල් යුරේනා සඳහන් කර ඇති අතර කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් රෝහල් ගත කර ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව ද එම ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ වන විට ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

