දේශීය

මුදල් වෙන් වූ සංවර්ධන ව්‍යාපෘති නිමකරන ලෙසට අගමැතිගෙන් උපදෙස්

මෙම වසර අවසන් වීමට පෙර මුදල් වෙන් වූ සංවර්ධන ව්‍යාපෘති නිම කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කළ මුදල් ආපසු මහා භාණ්ඩාගාරය වෙත යැවීම වෙනුවට වසර අවසන් වීමට පෙර අදාළ සංවර්ධන ව්‍යාපෘති අවසන් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි.

නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ තෙවැනි කාර්තුව සඳහා අරලියගහ මන්දිරයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා විසින් අදාළ උපදෙස් ලබා දී තිබේ.

එහිදී අදහස් දක්වමින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා සඳහන් කළේ පසුගිය ජූලි මාසයේ ආරම්භ කළ සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය මේ වනවිට ඉතා සාර්ථකව ක්‍රියාත්මක බවයි.

ලබන දෙසැම්බර් මස 31වන දාට පෙර අදාළ සංවර්ධන ව්‍යාපෘති බොහොමයක් අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා එහිදී සඳහන් කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *