අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති වන බවත් බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
එසේම උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා ඇත්තේ අද දිනයේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 30-40 දක්වා වැඩි විය හැකි බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

