මෙල්බර්න් වරායේ කන්ටේනරයක තිබී හෙරොයින් 450kg සොයා ගැනේ
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් වරායේ දී හෙරොයින් කිලෝ 450ක් කන්ටේනරයක් තුළ තිබී දී සොයාගෙන ඇත.
එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 104ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එරට පොලීසිය නිවේදනය කර ඇත්තේ ඔස්ට්‍රේලියාවේදී මෙතෙක් හමුවූ විශාලතම හෙරොයින් තොගය මෙය බවයි.
ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් හෙරොයින් තොගය සොයාගැනීමෙන් අනතුරුව මැලේසියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

