දේශීය

හොරොව්පතාන හොරවැව ප්‍රදේශයේ ගසක් කඩා වැටීමෙන් දරුවෙකු මරුට

හොරොව්පතාන හොරවැව ප්‍රදේශයේ වෙල්යායක් අසල නවතා තිබූ ට්‍රැක්ටරයක සිටි දරුවෙකුගේ හිස මතට ගසක් කඩා වැටීමෙන් එම දරුවා මියගොස් ඇත.

හොරොව්පතාන දුටුවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි වියේ පසූ වූ දරුවෙක් මෙලෙස මරණයට පත්ව ඇති බව වාර්තා වේ.

මරණයට පත් දරුවා ඊයේ (16) පෙරවරුවේ ඥාති සොහොයුරෙකුගේ ට්‍රැක්ටරයකින් මොරවැව හේන් යායට පැමිණ සීසාන ආයුරු බලා සිටීන විට ඒ ආසන්නයේ ගිනි ගනිමින් තිබූ කෝන් ගසක් ඔහුගේ හිස මතට කඩා වැටී ඇති බව පොලීසිය සඳහන් කර තිබේ.

ඒ හේතුවෙන් බරපතළ තුවාල ලැබූ දරුවා හොරොව්පතාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මරණයට පත්ව ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *