දේශීය

අද ගුරු විදුහල්පතිවරුන් තීරණාත්මක සාකච්ඡාවක

ලබන 21 වැනි දා පාසල් ආරම්භ කළ ද රාජකාරි සඳහා සහභාගිවන්නේ ද නැද්ද යන්න පිළිබඳව අවසන් තීන්දුව අද (18) ගන්නා බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් මහතා පවසයි.

සිය ගැටලු පිළිබඳ අවස්ථා කිහිපයකදී සාකච්ඡා පැවැත්වුණ ද තවමත් සාධනීය පිළිතුරක් ලැබී නොමැති බව එම සංගම් සඳහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ලබන 21 වැනි දා පාසල් ආරම්භ කිරිමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

ආරම්භ කෙරෙන පාසල් කටයුතු අධීක්ෂණයට කලාප කාර්යාල නිලධාරීන් සහ ගුරු උපදේශකවරුන් අනියුක්ත කිරීමට උපදෙස් දී ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *