ගුරු විදුහල්පතිවරුන් 21 සේවයට වාර්තා නොකිරීමට තීරණය කරයි
ලබන 21 වන දින පාසල් ආරම්භ වුවද ගුරු විදුහල්පති වර්ජනය 21 සහ 22 යන දිනවල ක්‍රියාත්මක කරන බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති අද (18) තීරණය කර තිබේ.
කෙසේවෙතත් ලබන 25 වැනි දා සිට පාසල්වල අධ්‍යන කටයුතු ආරම්භ කරන බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමියන් සඳහන් කළේය.
අද රැස් වූ ගුරු – විදුහල්පති වෘත්තීය සමිති රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත.
එළඹෙන 21 වැනි දා සිට සිසුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශවල අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

