ග්‍රීසියේ ප්‍රබල භූ කම්පනයක්
ග්‍රීසියේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ එරට වෙරළ තීරය ආශ්‍රිතව හටගෙන ඇති එම භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 5.9ත් 6.4ත් අතර ප්‍රබලත්වයකින් යුතුව හටගෙන ඇති බවයි.
අදාළ භූ කම්පනයන් තුර්කිය, ඊජිප්තුව, සිරියාව සහ ඊශ්‍රායලය යන රටවලට ද බලපා ඇති බව සඳහන් වේ.
භූ කම්පනයෙන් ගොඩනැගිලි රැසකට ද හානි සිදුව ඇති අතර මීට සතියකට පමණ පෙර ද ඒකක 6.4 ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් ග්‍රීසියේ හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

