තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට
තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 608,000ක් අද (19) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.
එම එන්නත් තොගය මුලින්ම නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත එවා ඇති බව සඳහන් වේ.
ඉන් අනතුරුව කටාර් ගුවන් සේවයේ කිව්.ආර්- 668 දරන ගුවන් යානයෙන් එන්නත් තොගය අද අලුයම 02.15ට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

