රන් බිස්කට් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
රුපියල් කෝටි 7කට අධික රත්‍රං තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළ සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ රත්‍රං තොගය ශරීරයේ සඟවා ගෙන ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන් පිටතට රැගෙන යන අවස්ථාවේදී ඔහු අද (19) අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා සඳහන් කරයි.
එම පුද්ගලයාව පරීක්ෂා කිරීමේ දී ග්‍රෑම් 4,848ක් බර රන් බිස්කට් 48ක් සොයාගෙන ඇති අතර එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 7ක් පමණ වන බවට තහවුරු වී තිබේ.
රත්‍රං තොගය රාජසන්තක කර ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

