විදේශීය

හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම් කොලින් පවෙල් මියයයි

හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම් කොලින් පවෙල් මහතා මියගොස් තිබේ.

84 හැවිරිදි වියේ පවෙල් මහතා කොවිඩ් 19 සංකූලතා හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් ඔහු කොවිඩ් 19 වෛරසයට එරෙහිව පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටි අයෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

හිටපු ඉහළ පෙළ හමුදා නිලධාරියෙකු ද වන පවෙල් මහතා හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් යටතේ 2001 වසරේදී අමෙරිකාවේ පළමු අප්‍රිකානු – අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා බවට ද පත්විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *