ගව ඝාතනය තහනම් කිරීමට අදාළ පනත් සංශෝධනයට කැබිනට් අනුමැතිය
දේශීය කෘෂිකර්මාන්තය සහ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ගව ඝාතනය තහනම් කිරීමටත් ඊට අදාළ නීති සහ රෙගුලාසි මෙන්ම පළාත් පාලන ආයතන විසින් සම්මත කරන ලද අනු නීති සංශෝධනය කිරීමටත් පසුගිය වසරේ සැප්තැම්බර් මස 28 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවුණි.
ගව ඝාතනය තහනම් කිරීමට අදාළව පනත් සහ ආඥා පනත් කිහිපයක් සංශෝධනය කිරීම සඳහා සකස් කළ පනත් කෙටුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධානයන්ට අනනුකූල නොවන බව නීතිපතිවරයා දැනුම් දී තිබේ.
ඒ අනුව එම සංශෝධිත පනත් කෙටුම්පත් ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඊට අදාළ කැබිනට් තීරණය පහතින්,

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

