දේශීය

ව්‍යාජ අංක තහඩු සකස් කොට විකුණූ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ දී වාහන සඳහා ව්‍යාජ අංක තහඩු සකස් කොට විකිණීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් දෙදෙනෙක් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මුලතිව් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව වැටලීම සිදුකර ඇත.

මෙම වැටලීමේදී රථ වාහන ලියාපදිංචි සහතික සකස් කිරීම සඳහා යොදා ගත් ලැප්ටොප් පරිගණකයක්, ව්‍යාජ අංක පුවරු කිහිපයක්, ව්‍යාජ ලෙස සකසන ලද රජයේ නිල මුද්‍රා කිහිපයක් සහ රාජ්‍ය ලාංඡනය සහිත ස්ටිකර් කිහිපයක් ද භාරයට ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මුලතිව් පොලීසිය විසින් ක්‍රියාත්මක කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *