සත්කාරක ඕමාන කණ්ඩායම පරදා බංග්ලාදේශ කණ්ඩායම ජය ගනී
පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ සත්කාරක ඕමාන කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති තරගයෙන් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (19) සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් අතර එහිදී නියමිත පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 153ක් රැස් කළේය.
බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් නයිම් ලකුණු 64ක් ද ෂකිබ් අල් හසන් ලකුණු 42ක් ද රැස් කිරීමට සමත්විය.
පන්දු යැවීමේදී බිලාල් ඛාන් සහ ෆයියාස් බට් කඩුලු 3 බැගින් දවාගත් අතර කාලිමුල්ලා කඩුලු 2ක් දවාගත්තේය.
ජයග්‍රහනය සඳහා ලකුණු 154 ඉලක්කයක් සමග පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සත්කාරක ඕමාන කණ්ඩායමට හැකිවූයේ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 127ක් රැස් කිරීමට පමණි.
ඕමාන කණ්ඩායම වෙනුවෙන් ජටින්ඩර් සිං ලකුණු 40ක් ද කාශ්‍යප් ප්‍රජාපති ලකුණු 21ක් ද රැස්කළේය.
විශීෂ්ට පන්දු යැවීමක නිරතවූ මුස්තාෆිසුර් රහ්මාන් කඩුලු 4ක් දවාගත් අතර ෂකිබ් අල් හසන් කඩුලු 3ක් දවාගත්තේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

