දේශීය

හෙටින් ඇරඹෙන නව පාසල් වාරය ගැන අධ්‍යාපන ඇමතිගෙන් නිවේදනයක්

දිවයින පුරා විසිරී සිටින දරුවන් සහ ගුරුවරුන් හෙට (21) දිනයේ පාසල් වෙත පැමිණීම කිසිවෙකුටවත් නැවතිය නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ පාසල් දරුවන්ගේ අනාගතය දෙමව්පියන්ගේ සතුට පමණක් නොව මුළු මහත් ජාතියේම සතුට බවයි.

ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීමට ජනාධිපති, අගමැති සහ මුදල් අමාත්‍යවරයා මැදිහත් වී විශ්වාසනීය විසඳුමක් ඉදිරිපත් කර ඇති බව ද අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

හෙට (21) දිනයේ සිට අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කිරීමට නියමිතය.

ඒ අනුව සිසුන් 200ට අඩු පාසල්වල අධ්‍යයන කටයුතු හෙට සිට ආරම්භ කරන බව රජය නිවේදනය කළේ ය.

ඊට අදාළ නිවේදනය පහතින්,


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *