නයිට්රජන් දියර පොහොර තොගය අද දිවයිනට
ඉන්දියාවේ නිෂ්පාදනය කරන නැනෝ නයිට්රජන් දියර පොහොර පළමු තොගය අද (20) අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.
මෙලෙස දියර පොහොර ලීටර් ලක්ෂයක් මෙරටට රැගෙන ආ අතර තවත් ලීටර් ලක්ෂ 05ක් මෙම සතිය තුළ දී රැගෙන ඒමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.
ආනයනය කරන ලද මෙම පොහොර තොගය මේ වන විට මහ කන්නයේ වී වගාව ආරම්භ කර ඇති අම්පාර, මඩකලපුව , ත්‍රිකුණාමලය ඇතුළු දිස්ත්‍රික්කවල ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන හරහා හෙට(21) හෝ අනිද්දා(22) යන දිනයන් වනවිට ගොවීන්ට ලබාදීමට සැලසුම් කර තිබෙන බව ද එම අමාත්‍යාංශය වැඩි දුරටත් දන්වා තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

