දේශීය

රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මරුට

තණමල්විල කිතුල්කොටේ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ලුණුගම්වෙහෙර සිට තණමල්විල දෙසට ගමන් ගත් යතුරු පැදියක් ලොරි රථයක් පසුකර යෑමට උත්සහ දැරීමේදී වෑන් රථයක ගැටී ඇති අතර එහිදී යතුරුපැදියේ ගමන් ගත් තරුණයින් දෙදෙනා පසුපසින් පැමිණි ලොරියකට ද යටවී ඇති බව වාර්තා වේ.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 19 සහ 20 යන වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකි.

අනතුරට ලක්වූ තරුණයින් දෙදෙනා ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී රථවාහන පොලීසිය යතුරු පැදිය නවත්වන ලෙසට කළ අනකිරීම් ද නොතකා ධාවනය කර ඇති බව ද පොලීසිය සඳහන් කළේ ය.

ඒ අනුව පොලීසිය ඔවුන්ව ලුහුබැඳ ඇති අතර මියගිය තරුණයින් දෙදෙනා සතුව රියැදුරු බලපත්‍ර ඇතුළු වාහනය ධාවනයට අදාළ කිසිදු ලියකියවිලක් නොතිබූ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ සහ ලොරි රථයේ රියැදුරන් අත්අඩංගුවට ගෙන ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *