දේශීය

වප් පුර පසළොස්වක පොහොය අදයි

වප් පුර පසළොස්වක පොහෝ දිනය අදට (20) යෙදී තිබේ.

බුදුන් වහන්සේ තවුතිසා දෙව්ලොවින් දඹදිව සංකස්ස නුවරට වැඩමකර‍වීම සිදුවූයේ අද වැනි පොහොය දිනකය.

තෙමසක් වස් සමාදන්ව සිටි භික්ෂූන් වහන්සේ වස් පවාරණය කිරීමෙන් පසු චීවර මාසය ආරම්භ වීම ද සැරියුත් හිමියන් ප්‍රඥා ලාභීන් අතර අග තනතුර ලැබීම සහ මෛත්‍රී බෝසතුන් ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි වීම ආදී අසිරිමත් ශාසනික සංසිද්ධීන් සිදු වූයේ අද වැනි වප් පොහෝ දිනයක දී වීම විශේෂත්වයකි.

මේ අතර අදින් ඇරඹෙන කඨින චීවර පූජාව පැවැත්වීම සම්බන්ධයෙන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (19) නිකුත් කළේය.

පසුගිය 12 වන දා නිකුත්කරනු ලැබූ මාර්ගෝපදේශ සංශෝධනය කරමින් නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කඨින චීවරය රැගත් පෙරහැර සංවිධානය කිරීමට අවසර හිමිව තිබේ.

ඒ අනුව කඨින චීවර පූජාව සහ දහවල් දානමය පිංකම මෙන්ම කඨිනානිසංස ධර්ම දේශනය පැවැත්වීම සඳහා අවසර හිමිවන අතර ඒ සඳහා සහභාගී විය හැකි උපරිම සැදැහැවතුන් සංඛ්‍යාව 50 දෙනෙකුට සීමා කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *