අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
මධ්‍යම, සබරගමුව, බස්නාහිර, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නැගෙනහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ දී වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 1.00 න් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසිෙ ඇතිවේ.
මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාව දැනුවත් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

