ලංකා IOC ඉන්ධන මිල ඉහළට
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු.5.00කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රු.5.00කින් වැඩි කිරීමට ලංකා IOC සමගම තීරණය කර ඇත.
ඒ අනුව ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට අදාළ නව මිල ගණන් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
මේ වන විට IOC ඉන්ධන පිරවුම්හල් තුළින් ලබා ගන්නා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රු.162.00 වන අතර ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 116ක් වේ.
ලංකා IOC සමාගම නිවේදනය කර ඇත්තේ සූපර් ඩීසල් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මිල ගණන් වල වෙනසක් සිදු නොවන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

