විදේශීය

ලොක්ඩවුන් කර තිබූ මෙල්බර්න් නගරය යළි විවෘත කෙරේ

ගෝලීය කොවිඩ් වෛරසය ව්‍යාපත වීම හේතුවෙන් දීර්ඝතම කාලයක් ලොක්ඩවුන් කර තිබූ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය අද (22) සිට යළි විවෘත කර තිබේ.

මේ පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කළේ දීර්ඝ කාලයකට පසු ලද නිදහස සැමරීම සඳහා නගර වැසියන් අවන්හල් වෙත සහ මාර්ගවලට පැමිණ සාද පවත්වන බවයි.

වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් මෙල්බර්න් නගරය හය වතාවකදී දින 260කට අධික කාලය ලොක්ඩවුන් කර තිබූ බව වාර්තා වේ.

කෙසේවෙතත් මේවන විට මෙල්බර්න් හි අවුරුදු 16 ඉක්ම වූ අයගෙන් 70%කට එන්නත්කරණ කටයුතු සිදු කර අවසන් වීම හේතුව නිසාවෙන් මෙලෙස නගරය යළි විවෘත කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *