දේශීය

අද කාලගුණය

මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එසේම දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 1.00න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ද ඇති විය හැක.

මධ්‍යම, බස්නාහිර, සබරගමුව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල අද උදෑසන කාලයේ දී මීදුම් සහිත වැසි තත්ත්වයක් ද බලාපොරොත්තු විය හැක.

කෙසේවෙතත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාව දැනුවත් කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *