ඉන්දීය මුහුදු සීමාව උල්ලංඝණය කළ ලාංකික ධීවරයින් දෙදෙනෙක් අත්අඩංගුවට
ශ්රී ලාංකික ධීවරයින් දෙදෙනෙකු ඉන්දීය මුහුදු සීමාව උල්ලංඝණය කිරීමේ චෝදනාව හේතුවෙන් ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනය වැල්වැටිතුරෙයි ප්රදේශයේ පදිංචි ධීවරයින් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දීය ආරක්ෂක අංශ විසින් ඉන්දියාවේ නාගපට්නම් මුහුදු ප්රදේශයේදී ඊයේ (22) පස්වරුවේ අදාළ පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබූ අතර පසුව ඔවුන් දෙදෙනා දකුණු ඉන්දීය වේදාරනියම් වෙරලාරක්ෂක බලධාරින් වෙත භාරදී ඇති බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

