දේශීය

බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ප්‍රතිශතය ඉහළට

දිවයින පූරා හටගන්නා වර්ෂාවත් සමග මේ වන විට දිස්ත්‍රික්ක 10 ක ඩෙංගු රෝගීන් වාර්තාවීමේ අගය ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කර තිබේ.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශිරන්ති සෙනෙවිරත්න මහත්මිය පැවසුවේ, වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් බවත් එහි ප්‍රතිශතය 68%ක් බවත් ය.

ඩෙංගු රෝගය ආසාදනය වීම හේතුවෙන් මෙම වසරේ මේ දක්වා මරණ 10 ක් වාර්තාවී ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

කෙසේවෙතත් බස්නාහිර පළාතට අමතරව මහනුවර, ගාල්ල, මාතර, කුරුණෑගල , බදුල්ල, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක වලින් ද වැඩි ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *