දේශීය

අදත් ප්‍රදේශ රැසකට වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද(23) පස්වරු 01.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.

උදෑසන කාලයේදී මධ්‍යම, සබරගමුව,බස්නාහිර සහ ඌව යන පළාත්වල ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තුවිය හැකි බවද දන්වා ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *