ඇමරිකානු ප්‍රහාරයකින් අල්කයිඩා නායකයෙක් ඝාතනය කෙරේ
ඇමරිකාව එල්ල කළ ඩ්‍රෝනා ප්‍රහාරයකින් සිරියාවේ ප්‍රධාන අල්කයිඩා නායකයෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
අල්කයිඩා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායක අබ්දුල් හමීඩ් අල් මාතාර් එලෙස ඝාතනය කර ඇති අතර අදාළ ප්‍රහාරය සඳහා එම් කිව් 09 ඩ්‍රෝන යානයක් භාවිතා කර ඇති බව සඳහන් වේ.
ඇමරිකානු හමුදාව නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත්තේ මොහු ඝාතනය කිරීම, අල්-කයිඩා සංවිධානයේ ඉදිරි ප්‍රහාර සැලසුම් කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව කඩාකප්පල් කරනු ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

