දේශීය

තවත් ආන්දෝලනාත්මක චීන නෞකාවක් දිවයිනට ?

අහිතකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වීමෙන් පසු ප්‍රතික්ෂේප කරන ලද පොහොර තොගයක් රැගත් චීන සමාගමේ නෞකාවක් ඊයේ (22) රාත්‍රියේ දී කොළඹ වරායට ආසන්නයට පැමිණ තිබේ.

චීන සමාගම් විසින් ආණ්ඩුවේ බලධාරීන්ට ඒ පිළිබඳ ලිඛිතව දැනුම් දී තිබේ.

එම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ අදාළ පොහොරවල විෂ ද්‍රව්‍ය අඩංගු වෙන්නේ නැතැයි නැවතත් සිදුකරන ලද පරීක්ෂණවලදී තහවුරු වී ඇති බවත් ඇති නිසා එම පොහොර තොගය නැවත ගෙනවිත් ඇති බවයි.

ඒ සඳහා අදාළ ලිපි ලේඛනද චීන සමාගම විසින් ඉදිරිපත් කර තිබෙන බවද සඳහන් වේ.

කෙසේවෙතත් චීනයේ පැමිණ ඇති එම නෞකාව වරාය පරිශ්‍රයට ඇතුළු වීම වළක්වන ලෙස අදාළ සියලු අංශවලට නියෝග කර ඇති බව හාබර් මාස්ටර්වරයා සඳහන් කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *