ක්‍රීඩා

නෙදර්ලන්තය හමුවේ ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

නෙදර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (22)  පැවති තරගයෙන් කඩුලු 8 ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට නෙදර්ලන්ත කණ්ඩායමට ආරාධනා කළේය.

එහිදී පන්දුවාර 10 ක් තුළ සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 44 ක් පමණයක් රැස් කරන ලදි.

ලකුණු 45ක ඉලක්කයක් සමග පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 7 යි එක් පන්දුවක් තුළ කඩුලු 2 ක් පමණක් දැවී සිය ජයග්‍රාහණය වාර්තා කළේය.

මූලික වටයේදී ලබාගත් ජයග්‍රහණ හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව, නැමීබියාව, ස්කොට්ලන්තය සහ බංග්ලාදේශය විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 අතරට සුදුසුකම් ලබා තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *