එංගලන්තයට කඩුලු 06ක ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි වටයේ ඊයේ (23) පැවති දෙවැනි තරගය කඩුලු 6කින් ජය ගැනීමට එංගලන්තය සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 55ක් පමණි.
ක්‍රිස් ගේල් ලකුණු 13යි.
සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි වුයේ නැත.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 8යි පන්දු 2ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය.
එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජොස් බට්ලර් නොදැවී ලකුණු 24ක් රැස් කළ අතර නායක ඔයින් මෝගන් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 7කි.
මේ අතර 2021 පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර තරගය අද (24) පැවැත්වීමට නියමිතයි .
සාජහිදී පැවැත්වෙන මෙම තරගය අද සවස 3.30ට ආරම්භ වීමට නියමිතව ඇත.
මේ අතර පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියා – පකිස්ථාන තරගය ද අද රාත්‍රී 7. 30ට ඩුබායිහිදී ආරම්භ වීමට නියමිත ය.