දේශීය

විශාකා සිරිවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන සිනමා සහ ටෙලිනාට්‍ය නිළි විශාකා සිරිවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

ඇය ඊයේ (23) මියගොස් ඇති අතර ඇය පිළිකා රෝග තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිට ඇති බව වාර්තා වේ.

මියයන විට ඇය 64 වන වියේ පසුවිය.

1982 වසරේ සිනමා දිවියට පිවිසි විශාකා සිරිවර්ධන මහත්මිය සිංහල සිනමාවේ උසම නිළිය ලෙස ද හඳුන්වයි.

රන්දම්වැල්, සඳමඩල, අනුරාධා, සුරදූතියෝ, සනසන්න මා, සසර චේතනා, සත්‍යදේවි, යසෝමා ඇතුලු චිත්‍රපට රැසක රඟපෑ ඇය 1985 වසරේ නැගී එන නිළිය ලෙස සරසවි සම්මානයෙන් ද පිදුම් ලැබීය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *