දේශීය

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවා යළි යථා තත්වයට

ගෝලීය කොවිඩ් වෛරසය මෙරට පුරා ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව අද (25) සිට යළි ආරම්භ විය.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ බත්තරමුල්ලේ සහ දකුණු පළාත් පිහිටි කාර්යාලය මගින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ක්‍රියාත්මක වන බවයි.

සේවා ලබා ගැනීමට අපේක්ෂා කරන සේවාලාභීන් තම ඉල්ලුම්පත ග්‍රාම නිලධාරීවරයා මගින් සහතික කර අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටි ජාතික හැඳුනුම්පත් ශාඛා කාර්යාලය වෙත යොමු කළ යුතු වේ.

එසේම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ සේවා ලබා ගැනීම සඳහා පැමිණීමේදී දිනයක් සහ වේලාවක් වෙන් කරවාගෙන පැමිණීම අනිවාර්ය බවයි.

වැඩි විස්තර  info@drp.lk යන විද්‍යුත් ලිපිනය ඔස්සේ හා පහත සඳහන් දුරකථන අංක ඔස්සේ ලබා ගැනීමට හැකියාව පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

  • ප්‍රධාන කාර්යාලය  – 011 5226126 / 011 5226100
  • දකුණු පළාත් කාර්යාලය – 091 2228348
  • වයඹ පළාත් කාර්යාලය – 037 2224337
  • නැගෙනහිර පළාත් කාර්යාලය – 065 2229449
  • උතුරු පළාත් කාර්යාලය – 024 2227201

Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *