දේශීය

නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගෙන්වීම ගැන CIDයට පැමිණිල්ලක්

ඉන්දියාවේ සමාගමක් හරහා නැනෝ නයිට්‍රජන් දියර පොහොර තොගයක් මෙරටට ගෙන්වීම හරහා රජයේ මුදල් අවභාවිතා වී ඇති බව ප්‍රකාශ කරමින් සමගි ජන බලවේගය අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.

මෙවර මහ කන්නය සඳහා අවශ්‍ය දියර පොහොර ගෙන්වීමේ පළමු අදියර ලෙස නැනෝ නයිට්‍රජන් දියර පොහොර තොගයක් පසුගියදා දිවයිනට ගෙන්වනු ලැබීය.

අදාළ දියර පොහොර තොගය ගෙන්වීම හරහා මෙරට රජයේ මුදල් අවභාවිතා වී ඇති බවට සැකයක් පවතින බව පවසමින් මෙම පැමිණිල්ල ගොනුකර තිබේ.

මෙට්‍රික්ටොන් ලක්ෂයක් ගෙන එන බව ප්‍රකාශ කළ ද ගුවන් තොටුපළට රැගෙනවිත් තිබෙන්නේ මෙට්‍රික් ටොන් 25 000ක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *