බංග්ලාදේශය හමුවේ ශ්රී ලංකාවට විශිෂ්ට ජයක්
ශ්රී ලංකාව සහ බංග්ලාදේශ අතර ඊයේ (24) පැවැති තරගයෙන් ජයගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
තරගයේ කාසිය වාසිය දිනූ ශ්රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම තමන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 171ක් රැස් කරන ලදි.
එහිදී මොහොමඩ් නයිම් ලකුණු 62ක් ද මුෂ්ෆිකුර් රහීම් නොදැවී ලකුණු 57ක් රැස් කළේය.
පන්දු යැවීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චාමික කරුණාරත්න, බිනුර ප්රනාන්දු සහ ළහිරු කුමාර එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය.
ලකුණු 172ක ඉලක්කයක් සමග පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5ක් තුළ ජයග්රහනය වාර්තා කළේය.
එහිදී චරිත් අසලංක පන්දු 49ක දී නොදැවී ලකුණු 80ක් රැස් කළ අතර ඊට හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් ඇතුළු විය.
භානුක රාජපක්ෂ ලකුණු 53ක් රැස් කළේය.
පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ෂකිබ් අල් හසන් සහ නසුම් අහමඩ් කඩුලු 2ක බැගින් දවාගත් අතර මොහොමඩ් සයිෆුදීන් එක් කඩුල්ලක් දවා ගත්තේය.
ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්රී ලංකාව කණ්ඩායම කඩුලු 5ක ජයක් වාර්තා කරන ලදි.