දේශීය

විනිසුරු ගිහාන් පිලපිටියට එරෙහි නඩුව අහෝසි කෙරේ

කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් හා වර්තමාන මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු කටයුත්ත අහෝසි කරමින් අභියාචනාධිකරණය අද (25) පොලිස්පතිවරයා වෙත රිට් ආඥාවක් නිකුත් කළේය.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමග කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති නඩු කටයුත්තක් සම්බන්ධයෙන් දුරකතන සංවාදයක යෙදීමට එරෙහිව නඩුව පවරා තිබුණි.

එම නඩු කටයුත්ත අධිකරණය හමුවේ කැඳවීම වළක්වමින් නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ද ප්‍රොහිභිෂන් ආඥාවක් නිකුත් කළ අභියාචනාධිකරණය නඩුවේ සැකකරුවෙකු ලෙස ගිහාන් පිලපිටිය මහතා නම් කිරීමට නීතිපතිවරයා ගත් තීරණය බලරහිත කරමින් නියොගයක් ද නිකුත් කළේ ය.

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම තීන්දුව දෙමින් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය නිකුත් කර තිබුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *