ළහිරු කුමාරට සහ ලිටන් දාස්ට දඩ නියම කෙරේ
ළහිරු කුමාර සහ ලිටන් දාස්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දඩ නියම කර තිබේ.
ඒ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ (24) පැවති 20 යි 20 ලෝක කුසලාන තරගය අතරතුර දී ඇති කරගත් වචන හුවමාරුවක් හේතුවෙනි.
තරගයේ 5 වැනි පන්දු ඕවරයේදී ළහිරු කුමාර සහ ලිටන් දාස් අතර එම උණුසුම් වචන හුවමාරුව සිදු විය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මාධ්‍ය නිවේදනයෙන් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ තරගය අතරතුර එම ක්‍රීඩකයින් දෙදෙනාම ක්‍රීඩාවට නුසුදුසු අයුරින් හැසිරී ඇති බවයි.
ඒ අනුව ශ්‍රී ලංකා වේගපන්දු යවන ළහිරු කුමාරට තරග මුදලින් 25%ක සහ ලිටන් දාස්ට තරග මුදලින් 15%ක දඩයක් නියම කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

