දේශීය

අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් – ලංකා ගුරු සංගමය

දරුවන්ගේ ඉගැන්විම් කටයුතු සිදුකරමින් “අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක්” ලෙස සිය වෘත්තීය අරගලය අඛණ්ඩව සිදුකරන බව ලංකා ගුරු සංගමය පවසයි.

එසේම සියලු බහුජන සංවිධාන සහ වෘත්තීය සමිති සමග සාකච්ඡා කර මෙම සතිය තුළ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද (26) දිනයේ තීරණයක් ගන්නා බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

දිවයිනේ සියලු පාසල්වල ප්‍රාථමික අංශ දෙවන දිනටත් අද අධ්‍යන කටයුතු සඳහා ආරම්භ කර තිබේ.

ඊයේ (25) දිනයේ සැලකිය යුතු ලෙස ගුරුවරුන්, විදුහල්පතිවරුන් මෙන්ම සිසුන් ද පාසල් වෙත පැමිණි අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසියාකාරව පිළිපඳින ආකාරයක් ද දක්නට ලැබුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *