දේශීය

කාණ්ඩ වශයෙන් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට කටයුතු

කාණ්ඩ වශයෙන් විශ්වවිද්‍යාල යළි ආරම්භ කිරීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

ඒ අනුව පළමු කාණ්ඩය යටතේ විභාග හා ප්‍රයෝගික පුහුණු කටයුතු සඳහා මූලිකත්වය ලබාදෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහත පැවසුවේය.

පසුගිය දා විශ්වවිද්‍යාල යළි විවෘත කිරීම සම්බන්ධයෙන් සියලුම උප කුලපතිවරුන්, සෞඛ්‍ය අංශ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සහභාගීත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවක දී මෙම තීරණයන් ගෙන තිබේ.

මූලික වටයේ තුළදී ඒ ඒ පීඨවල කුමන කණ්ඩායම ද විශ්වවිද්‍යාල සඳහා කැඳවන්නේ ද යන්න පිළිබඳ තීරණය කිරීම උපකුලපතිවරුන් වෙත පැවරී තිබේ.

විශ්වවිද්‍යාල සඳහා කැඳවිය හැක්කේ කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබා ගෙන දින 14ක් ඉක්ම වූ සිසුන් පමණක් වන අතර විශ්වවිද්‍යාල සිසුන්ගෙන් 90%ක් පමණ මේ වන විට එන්නත්කරණය සිදුකර ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *