දේශීය

ATM යන්ත්‍රයක් කඩා මුදල් සොරාගැනීමට තැත් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

රාජගිරිය ප්‍රදේශයේ සුපිරි නිවාස සංකීර්ණයක ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට සවිකර තිබූ ATM යන්ත්‍රය කැඩීමට උත්සාහ දැරූ පුද්ගලයින් දෙදෙනෙකු වැලිකඩ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසය සඳහන් කළේ අදාළ පුද්ලයින් දෙදෙනා ATM යන්ත්‍රය තියුණු ආයුධයක් ආධාරයෙන් කැඩීමට උත්සහ දරා ඇති බව එම ස්ථානයේ සවිකර තිබූ CCTV කැමරාවල සටහන්ව ඇති බවයි.

කෙසේ නමුත් අදාළ පුද්ගලයින්ට ATM යන්ත්‍රය කඩා මුදල් ලබා ගැනීමට නොහැකි වී ඇත.

යන්ත්‍රයට වූ හානිය මෙතෙක් ගණනය කර නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කෝට්ටේ නගර සභාවේ කම්කරුවෙකු ඇතුළු දෙදෙනෙකු වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අලුත්කඩේ අංක 4 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැලිකඩ පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *