දේශීය

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරියක් පත් කෙරේ

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහා නව අධ්‍යක්ෂ ජනරාල්වරියක් පත්කර තිබේ.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ෂර්මිලා රාජපක්ෂ මහත්මිය පත් කළ බවයි.

ඒ අනුව ඇය හෙට (28) දිනයේ සිය ධුරයේ වැඩ භාරගැනීමට නියමිතය.

වෘත්තියෙන් ගණකාධිකාරිවරියක් වන ෂර්මිලා රාජපක්ෂ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ගණකාධිකරණය සහ මුල්‍ය කළමණාකරණය පිළිබඳ ප්‍රථම ගෞරව උපාධියක් ලබා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන ඇති බව සඳහන් වේ.

ඇය මීට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ සමාජ මාධ්‍ය ප්‍රධානියා ලෙස ද කටයුතු කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *