අද කාලගුණය
දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපයේ බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම පද්ධතිය ආසන්න වශයෙන් බස්නාහිර දෙසට ගමන් කර ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ දෙසට ගමන් කිරීමට ඉඩ ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී 100 වැඩි තද වැසි ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

