විදේශීය

ඉන්දියාව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි

ඉන්දියාව විසින් සාර්ථක ලෙස බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබේ.

අග්නි 5 ලෙස නම් කර ඇති මෙම මිසයිලය ගොඩබිම සිට කිලෝ මීටර් 5000ක් පමණ දුරින් පිහිටි ඉලක්කයකට එල්ල කළ හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එරට ඔඩිෂා වෙරළට ඔබ්බෙන් වු අබ්දුල් කලාම් දූපතේ සිට එම මිසයිලය අත්හදා බලා ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් එම මිසයිල අත්හදා බැලීම චීනයට පණිවුඩයක් වනු ඇති බව ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *