රාජ්‍ය ආයතනවලට වාහන 164ක්
ක්ෂේත්‍ර රාාජකාරී සඳහා අත්‍යවශ්‍ය වාහන 164ක් සංකේතාත්මකව අදාළ අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන වෙත භාරදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුරතින් අද (28) පෙරවරුවේ සිදු කෙරුණි.
ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ක්‍රමය යටතේ පොලිස් දෙපාර්තමේන්තුවට යතුරුපැදි 150ක් ක්ෂේත්‍ර රාජකාරී සඳහා අත්‍යවශ්‍ය ගිලන් රථ 50ක්, ජල බවුසර් 52ක්, ඩබල් කැබ් රථ 62ක් එහි දී ලබා දී තිබේ.
ඒ අනුව ගිලන් රථ 50ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ සුවසැරිය ගිලන් රථ සේවයට ලබාදීම සිදු වූ අතර ජල බවුසර් සහ ඩබල් කැබ්රථ වනජීවි දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පළාත් පාලන ආයතන, දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන වෙත ප්‍රදානය කර තිබේ.

මේ අතර ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ක්‍රමය යටතේ පිරිනැමුණු යතුරු පැදි 150 නිල වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුව වෙත භාරදීම ද ජනාධිපතිවරයා විසින් සිදු කෙරුණි.

පරිත්‍යාග කරන ලද යතුරුපැදි ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ රථවාහන රාජකාරී සඳහා යෙදවීමට නියමිතය.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

