ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර තරගය අද
මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර තරගය අද (28) පැවැත්වීමට නියමිතව තිබේ.
තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට බායි ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතය.
මේ වන විට පැවති තරගවලින් පළමු කාණ්ඩයේ පෙරමුණ ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව ඇති අතර දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමය.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම එම කාණ්ඩයේ තෙවන ස්ථානයේ පසුවේ.
මේ අතර ලෝක කුසලානයේ ඊයේ (27) පැවති තරගවලින් ස්කොට්ලන්තය පරදවා නැමීබියාව ද බංග්ලාදේශය පරදවා එංගලන්තය ද ජය වාර්තා කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

