කළුතර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
අද (28) පෙ.ව.9.00 සිට ප.ව. 7.00 දක්වා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අලුත්ගම, මතුගම සහ අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කටයුත්තක් හේතුවෙනි.
ඒ අනුව වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, පයාගල, බෝඹුවල, මග්ගොන, යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
ඊට අමතරව බේරුවල, දර්ගා නගරය, අලුත්ගම, පිලිමනාවත්ත, කලුවාමෝදර සහ මොරගල්ල ප්‍රදේශවල ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

